ඇටෝර්නි බලපත්‍ර/දිවුරුම් ප්‍රකාශ/අත්සන් සහතික කරගැනීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

ඇටෝර්නි බලපත්‍ර/පෙරකලාසි සහතික කිරිම

උසාවියකට ඉදිරිපත් කිරීමට හෝ වෙනයම් නීතිමය කටයුත්තක් සඳහා ඇටෝර්නි බලපත්‍රයක්/ පෙරකලාසි ඉදිරිපත් කිරීමට ඇති අවස්ථාවක ඉල්ලුම්කරු විසින් ලංකාවේ නීතිඥයෙකු කෙටුම්පත් කරන ලද ඇටෝර්නි බලපත්‍රයක්/ පෙරකලාසි පහත ලියවිලි සමග තානාපති කාර්යාලයට පැමිණ තානාපති කාර්යාල නිලධාරියෙකු ඉදිරියේ අත්සන් කළ යුතු වේ.

  • නීතිඥයෙකු විසින් කෙටුම්පත් කරන ලද ඇටෝර්නි බලපත්‍රයක්/ පෙරකලාසි.
  • ඉල්ලුම්කරුගේ වලංගු ගුවන් ගමන් බලපත්‍රය හා රැදී සිටීමේ අවසර පත්‍රය.
    (Resident Card)
  • ඇටෝර්නි බලපත්‍රය සඳහා ශ්‍රී ලාංකික සාක්ෂිකරුවන් දෙදෙනෙක් හා ඔවුන්ගේ වලංගු ගුවන් ගමන් බලපත්‍ර හා රැදී සිටීමේ අවසර පත්‍ර පෙරකලාසි සහතික කර ගැනීම සදහා සාක්ෂිකරුවන් අවශ්‍ය නොවේ.
  • ගාස්තුව : ජපන් යෙන් 9,000.

දිවුරුම් ප්‍රකාශ

දිවුරුම් ප්‍රකාශ සහතික කරගැනීම සඳහා ඉල්ලුම්කරු, සිය ගුවන් ගමන් බලපත්‍රය, රැදී සිටීමේ අවසර පත්‍රය (Resident Card) හා දිවුරුම් ප්‍රකාශයට අදාල විය හැකි ලේඛන වල මුල් පිටපත් (උදාහරණ: රියදුරු බලපත්‍රය/ උප්පැන්න සහතිකය/ විවාහ සහතිකය ) සමග තානාපති කාර්යාලයට පැමිණිය යුතුවේ.

  • ගාස්තුව : ජපන් යෙන් 9,000.

විදේශගත මව/පියා ලංකාවේ තම දරුවාට ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කිරීම පිලිබඳ විරෝධයක් නොමැති බව දැන්වීම

ජපානයේ වෙසෙන මව/පියා ලංකාවේ වෙසෙන තම දරුවාට ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම පිලිබඳ විරෝධයක් නොමැති බව දැන්වීම සඳහා, කොළඹ ආගමන විගමන පාලකතුමා වෙත ඒ බව දන්වමින් ලිපියක් ලියා , තමාගේ ගුවන් ගමන් බලපත්‍රය, දරුවාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් සමග තානාපති කාර්යාලයට පැමිණ එම ලිපියේ තම අත්සන සහතික කර ගත යුතුය.

  • ගාස්තුව : ජපන් යෙන් 4,000.

නිදර්ශන ලිපිය

වෙනත් ලියවිලි සහතික කිරීම

  • ශ්‍රී ලංකා රියදුරු බලපත්‍ර උපුටා ගැනීම සහතික කිරීම : JPY 8,000.
  • අධ්‍යාපන සහතික වල උපුටා ගැනීම සහතික කිරීම : JPY 1,600.
  • සාමදාන විනිසුරුවරයෙකු ලෙස ලේඛනයක් සහතික කිරීම : JPY 9,000.
  • වෙනත් ලියවිලි සහතික කිරීම (Sign before me) : JPY 5,700.
  • සහතික වල ඡායා පිටපත් සහතික කිරීම : JPY 1,600.

ජපානයෙහි විදේශ කටයුතු අමාත්‍යාංශය (Ministry of Foreign Affairs in Japan) විසින් සහතික කරන ලද ලිපි සඳහා,

  • ලේඛන හිමියා ශ්‍රී ලංකික ජාතිකයෙකු වන අවස්ථාවක දී : JPY 5,700.
  • ලේඛන හිමියා විදේශීය ජාතිකයෙකු වන අවස්ථාවක දී : JPY 6,250.
රියදුරු බලපත්‍ තොරතුරු පිළිබඳ දිවුරුම් ප්‍රකාශ

රියදුරු බලපත්‍ තොරතුරු පිළිබඳ දිවුරුම් ප්‍රකාශ

ජාතිකත්වය තහවුරු කිරීමේ දිවුරුම් ප්‍රකාශ

ජාතිකත්වය තහවුරු කිරීමේ දිවුරුම් ප්‍රකාශ

අත්සන සහතික කිරීම සඳහා දිවුරුම් ප්‍රකාශ

අත්සන සහතික කිරීම සඳහා දිවුරුම් ප්‍රකාශ

භික්ෂුන් සදහා වන දිවුරුම් ප්‍රකාශ

භික්ෂුන් සදහා වන දිවුරුම් ප්‍රකාශ