විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් සදහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ලබාදෙන සේවා

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

රියදුරු බලපත්‍රය අළුත් කිරීමට අවශ්‍ය ලියවිලි

  1. සම්පූර්ණ කරන ලද MTA 30/32 අයදුම්පත්‍රය
    (කළු පෑනෙන් සම්පුර්ණ කළ යුතුය. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙකු ඉදිරියේ ඇගිලි සලකුණු සහ අත්සන් තැබිය යුතුයි).
    සම්පූර්ණ කරනලද ආදර්ශ අයදුම්පත්‍රය
  2. මෝටර් රථ දෙපාර්තෙමේන්තුවෙන් නිකුත් කරන ලද රියදුරු බලපත්‍රය.
  3. වෛද්‍ය සහතිකය (අදාළ රටෙන් ලබාගත යුතු අතර ජපන් භාෂාවෙන් නිකුත් කර ඇත්නම් බලයලත් භාෂා පරිවර්තෙයකු ලවා ඉංග්‍රීසි භාෂා පරිවර්තනයක් ඉදිරිපත් කල යුතුය. උස, බර, කන් ඇසීම හා ඇස් පෙනීම ඇතුළත් විය යුතුය.).
  4. වලංගු ගමන් බලපත්‍රය හා එහි දත්ත පිටුවේ ජායා පිටපතක් .
  5. රැදී සිටීමේ අවසර පත්‍රය (Resident Card) හා එහි ඡායා පිටපතක්
  6. ජාතික හැදුනුම්පත හා එහි ඡායා පිටපතක්
    (ගමන් බලපත්‍රයේ ජාතික හැදුනුම්පත් අංකය සටහන්ව ඇති නම් අවශ්‍ය නොවේ) .
  7. ඔබගේ ලිපිනය (ජපානයේ) ලියන ලද ලියුම් කවරයක්.
  8. පාස්පෝට් ප්‍රමාණයේ කළු සුදු ඡායාරූප දෙකක් (සෙ. මි. 3.5 x සෙ. මි. 4.5).
  9. ගාස්තුව ඇමරිකානු ඩොලර් 115 (USD 115).
  10. කල් ඉකුත් වූ එක් වර්ෂයකට හෝ ඉන් කොටසකට ඇමෙරිකානු ඩොලර් 10 බැගින්.
  11. සන්නිවේදන, සැකසුම් හා තැපැල් ගාස්තු වශයෙන් ජපන් යෙන් 2000.

රියදුරු බලපත්‍රයේ අනුපිටපතක් ලබාගැනීම

  1. 1. සම්පූර්ණ කරන ලද MTA 30/32 අයදුම්පත්‍රය
    (කළු පෑනෙන් සම්පුර්ණ කළ යුතුය. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙකු ඉදිරියේ ඇගිලි සලකුණු සහ අත්සන් තැබිය යුතුයි).
  2. 2. රියදුරු බලපත්‍රය නැති වූ බවට ඉල්ලුම්කරු පදිංචිව සිටින ප්‍රදේශයේ ජපන් පොලිසීයට පැමිණිලි කරන ලද පැමිණිල්ලේ පිටපතක්.
  3. ියදුරු බලපත්‍රය නැති වූ බවට ඉල්ලුම්කරු පදිංචිව සිටින ප්‍රදේශයේ ජපන් පොලිසීයට පැමිණිලි කරන ලද පැමිණිල්ලේ පිටපතක්.
    (ජපන් භාෂාවෙන් නිකුත් කර ඇත්නම් බලයලත් භාෂා පරිවර්තකයෙකු ලවා ඉංග්‍රීසි පරිවර්තනයක් ඉදිරිපත් කල යුතුය.)
    ( වර්තමාන රියදුරු බලපත්‍රය අපැහැදිලි නම් එය ඉදිරිපත් කරන්න.).
  4. 3. වලංගු ගමන් බලපත්‍රය හා එහි දත්ත පිටුවේ ජායා පිටපතක්
  5. 4. රැදී සිටීමේ අවසර පත්‍රය (Resident Card) හා එහි ඡායා පිටපතක්
  6. 5. ජාතික හැදුනුම්පත හා එහි ජායා පිටපතක්
    (ගමන් බලපත්‍රයේ ජාතික හැදුනුම්පත් අංකය සටහන්ව ඇති නම් අවශ්‍ය නොවේ.)
  7. 6. පරිගණකගත තොරතුරු සොයාගැනීම සදහා රියදුරු බලපත් අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය සදහන් කිරිම අත්‍යවශ්‍ය වේ.
  8. 7. ඔබගේ ලිපිනය (ජපානයේ) ලියන ලද ලියුම් කවරයක්.
  9. 8. පාස්පෝට් ප්‍රමාණයේ කළු සුදු ඡායාරූප දෙකක් (සෙ. මි. 3.5 x සෙ. මි. 4.5).
  10. 9. ගාස්තුව ඇමරිකානු ඩොලර් 115 (USD 115)
  11. 10. සන්නිවේදන, සැකසුම් හා තැපැල් ගාස්තු වශයෙන් ජපන් යෙන් 2000.

රියදුරු බලපත්‍රයේ ජීවදත්ත තොරතුරු වෙනස් කිරීම

  1. 1. සම්පූර්ණ කරන ලද MTA 30/32 අයදුම්පත්‍රය
    (කළු පෑනෙන් සම්පුර්ණ කළ යුතුය. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙකු ඉදිරියේ ඇගිලි සලකුණු සහ අත්සන් තැබිය යුතුයි).
  2. 2. මෝටර් රථ දෙපාර්තෙමේන්තුවෙන් නිකුත් කරන ලද රියදුරු බලපත්‍රය.
  3. 3. වලංගු ගමන් බලපත්‍රය හා එහි දත්ත පිටුවේ ජායා පිටපතක්.
  4. 4. රැදී සිටීමේ අවසර පත්‍රය (Resident Card) හා එහි ඡායා පිටපතක්.
  5. ජාතික හැදුනුම්පත හා එහි ජායා පිටපතක්.
    (ගමන් බලපත්‍රයේ ජාතික හැදුනුම්පත් අංකය සටහන්ව ඇති නම් අවශ්‍ය නොවේ).
  6. 6 පෞද්ගලික තොරතුරු වෙනස් කිරිම සදහා සනාථ කෙරෙන ලිපි ලේඛන.
    (උදා: නම වෙනස් කිරීම සදහා උප්පැන්න සහතිකය, විවාහ සහතිකය, දික්කසාද සහතිකය ආදිය හා ලිපිනය වෙනස් කිරීම සදහා පදිංචිය සහතිකය).
  7. පාස්පෝට් ප්‍රමාණයේ කළු සුදු ඡායාරූප දෙකක් (සෙ. මි. 3.5 x සෙ. මි. 4.5)
  8. ඔබගේ ලිපිනය (ජපානයේ) ලියන ලද ලියුම් කවරයක්.

පහත සදහන් අඩුපාඩු නිසා ඔබගේ අයදුම්පත්‍රය ශ්‍රී ලංකා මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් ප්‍රතික්ෂේප වියහැක

  1. අසම්පූර්ණ අයදුම්පත්‍ර සනාථකිරීම් සදහා අවශ්‍ය ලේඛන අඩු පාඩු වීම.
  2. 2. ඡාය පිටපත් කරනලද අයදුම්පත්‍ර.
  3. 3. කළු පෑනෙන් සම්පුර්ණ නොකරන ලද අයදුම්පත්‍ර
  4. ස්කෑන් වන කොටසට පිටපතින් සම්පූර්ණ කරන ලද අයදුම්පත්
  5. 5. වර්ණ/නියමිත ප්‍රමාණයට නොමැති ඡායාරූප.
  6. 6. ඇගිලි සලකුණු තැබීම සදහා නියමිත තීන්ත යොදා නොගැනීම .

සැලකිය යුතුයි : ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙකු ඉදිරියේ ඇගිලි සලකුණු සහ අත්සන් තැබිය යුතුයි.

නව රියදුරු බලපත්‍රය QR කේතය සහිත හඳුන්වාදීම

2023 ඔක්තෝබර් 16 වන දින සිට ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රයේ ආකෘතිය වෙනස් කර ඇති බව දැනුම් දීමට ලිපියක් ලබා ගැනීම.

  1. මෝටර් රථ දෙපාර්තෙමේන්තුවෙන් නිකුත් කරන ලද රියදුරු බලපත්‍රය හා එහි ඡායා පිටපතක්
  2. විදේශ ගමන් බලපත්‍රය හා එහි ඡායා පිටපතක්
  3. ජාතික හැදුනුම්පත හා එහි ඡායා පිටපතක්
  4. තැපැල් මාර්ගයෙන් ලබා ගන්නේ නම් ඉල්ලීම් ලිපියක්
    (තැපැල් මාර්ගයෙන් මෙම සේවාව ලබා ගැනීමට ඔබගේ ලිපිනය (ජපානයේ) ලියන ලද ලියුම් කවරයක් සමග 2-1-54,ටකනාවා,මිනාටෝ-කු, ටෝකියෝ 108-0074 , ලිපිනයට යොමු කරන්න.)
  • මේ සදහා මුදලක් අය නොකෙරේ.