නව ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා අයදුම්පත්‍රය ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීමට පහත සඳහන් ලියවිලි මෙම තානාපති කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය.
- සම්පූර්ණ කරන ලද (“Form K අ.වි. 35A” ආකෘතිය) අයදුම්පත්‍රය (ඉංග්රීසි කැපිටල් අකුරු භාවිතා කරන්න. අයදුම්පතේ අංක 21 කොටස තානාපති කාර්යාලය මගින් සම්පූර්ණ කරනු ලැබේ.)
සම්පූර්ණ කරනලද ආදර්ශ අයදුම්පත්‍රය
- සෙ.මී. 3.5 x සෙ.මී. 4.5 ප්රමාණයේ වර්ණ ඡායාරූප 4ක්
- සුදුපාට හැර ලා පැහැති පසුබිමක් සහිතව ඡායාරූප උරහිසෙන් ඉහළ සම්පූර්ණ මුහුණ සහිත නළල හා දෙකන් නිරාවරණය වූ ඒවා විය යුතු අතර ඡායාරූප ගැනීමේදී ඇස් කණ්නාඩි, හිස් වැසුම් ආදිය පැළද නොසිටිය යුතුය.
- ඉන් ඡායාරූප 2ක් අයදුම්පත්‍රයේ සපයා දි ඇති කොටු දෙකෙහි විධිමත් පරිදි අලවන්න.
- අනෙක් ඡායාරූප දෙකෙහි පිටුපස ඔබගේ අත්සන යොදන්න.
- වර්තමාන ගමන් පත්‍රයේ දත්ත පිටුව හා වෙනස් කිරීම් හා නිරීක්ෂණ පිටුවේ ඡායා පිටපත් 01 බැගින්.
- උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපත් 01ක්. (සහතික කරන ලද ඉංග්රීසි පරිවර්තන භාරගනු නොලැබේ.)
- ජාතික හැදුනුම්පත හා එහි ඡායා පිටපත් `01ක්. (අයදුම්කරන අවස්ථාවේදී ජාතික හැදුනුම්පත නැතිනම් ඒ බව සඳහන් කරමින් ආගමන හා විගමන පාලකතුමාට ලිපියක්).
- විවාහ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපත් 01ක්. (කාන්තා අයදුම්කරුවන් ස්වාමිපුරුෂයාගේ වාසගම ගමන් බලපත්‍රයට ඇතුළත් කරන්නේ නම් පමණක්.)
- ද්විත්ව පුරවැසිභාවය ලබා ඇත්නම් එම සහතිකය හා එහි ඡායා පිටපත් 01ක් හා ද්විත්ව පුරවැසිභාවය ලබා ඇති රටේ විදේශ ගමන් බලපත්‍රය සහ එහි දත්ත පිටුවේ ඡායා පිටපත් 01ක්..
- අධ්යාපන සහතික හා සේවා සහතික ඡායා පිටපත් 01 බැගින්. (රැකියාව ඇතුළත් කළ යුතු නම් පමණි. එම සහතික ජපන් භාෂාවෙන් නිකුත් කර ඇත්නම් ඒවායේ ඉංග්රීසි පරිවර්තන බලයලත් භාෂා පරිවර්තකයෙකු විසින් කළ යුතුය.).
- රැදී සිටිමේ අවසර පත්‍රයෙහි (Resident Card) ඡායා පිටපත් 01ක්.
- ඉහත ඉදිරිපත් කළ යුතු සියළුම ඡායා පිටපත් A4 ප්රමාණයේ විය යුතුය.
- ඔබගේ ජපානයේ ලිපිනය ලියූ ලියුම් කවර 01ක්.
වැදගත් : විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීම සදහා අයදුම් කිරීමේදී වෙනස් කෙරීමේ පිටුවේ පිටපතක්ද ඉදිරිපත් කළ යුතුය.
ගමන් බලපත්ර සඳහා ගාස්තු
- දැනට තිබෙන ගමන් බලපත්‍රය M සහ N අංකය යටතේ නම් ජපන් යෙන් 18,000.
- දැනට තිබෙන ගමන් බලපත්‍රය J,K සහ L අංකය යටතේ නම් ජපන් යෙන් 52,100.
අයදුම්පත්ර තැපැල් මගින් ද මෙම කාර්යාලය වෙත යොමු කළ හැකිය. අඩුපාඩු සහිත අයදුම්පත්ර කිසිවක් මෙම කාර්යාලය විසින් භාරගනු නොලබන අතර ඒවා නැවත ඔබ වෙත යොමුකරනු ලැබේ..