දරුවන් (අවුරුදු 16ට අඩු) සඳහා නව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ලබාගැනීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

ඔබේ දරුවා ජපානයේ උපත ලද්දේනම් දරුවාගේ උපත ශ්රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි කළපසු නව ගමන් බලපත්‍රයකට අයදුම් කළ හැක.
(උපත ලියාපදිංචිය, පුරවැසි සහතිකය, ගමන් බලපත්රය සඳහා එකවර ඉල්ලුම් කළ හැක.)

දරුවාට නව ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා අයදුම් පත්‍රය ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීමට අවශ්ය ලියවිලි

  1. සම්පූර්ණ කරන ලද (“Form K අ.වි. 35A” ආකෘතිය) අයදුම්පත්රය (ඉංග්රීසි කැපිටල් අකුරු භාවිතා කරන්න.) අයදුම්පත්රයේ අයදුම්කරුගේ අත්සන සඳහා වූ කොටු දෙක තුළ දරුවාගේ නිතර භාවිතා වන නම (සම්පූර්ණ නම අවශ්ය නොවේ) දෙමව්පියන් විසින් ලිවිය යුතුය. (අයදුම්පතේ අංක 21 කොටස තානාපති කාර්යාලය මගින් සම්පූර්ණ කරනු ලැබේ.).
  2. දරුවාගේ සෙ.මී. 3.5 x සෙ.මී. 4.5 ප්රමාණයේ වර්ණ ඡායාරූප 4ක් (සුදුපාට හැර ලා පැහැති පසුබිමක් සහිත)
    ඡායාරූප උරහිසෙන් ඉහළ සම්පූර්ණ මුහුණ සහිත නළල හා දෙකන් නිරාවරණය වූ ඒවා විය යුතු අතර ඡායාරූප ගැනීමේදී ඇස් කණ්නාඩි, හිස් වැසුම් ආදිය පැළද නොසිටිය යුතුය.
  3. දෙමව්පියන්ගේ;
    • ගමන් බලපත්ර දෙක සහ ඒවායේ දත්ත පිටු දෙකෙහි හා “වෙනස් කිරීම් හා නිරීක්ෂණ” පිටුවල ඡායා පිටපත් 2 බැගින්
    • රැඳී සිටීමේ අවසර පත්රයෙහි (Resident Card) පිටපත් 2 බැගින්.
  4. දරුවාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපත් 2ක් (සහතික කරන ලද ඉංග්රීසි පරිවර්තන භාරගනු නොලැබේ).
  5. පුරවැසියන් ලියාපදිංචි කිරිමේ සහතිකය (ගමන් බලපත්‍රය ඉල්ලුම් කරන අවස්ථවේදී එම සහතිකය නොමැති නම් එම සහතිකය සඳහා මුදල් ගෙවු රිසිට්පත).
  6. ද්විත්ව පුරවැසිභාවය ලබා ඇත්නම් එම සහතිකය හා එහි ඡායා පිටපත් 2ක්
  7. දරුවාට ස්වාධීන නව ගමන් බලපත්‍රයක් ලබාදීම පිළිබඳව, දෙමාපියන්ගේ විරෝධතාවයක් නොමැති බවට ආගමන හා විගමන පාලක වෙත දන්වන ලිපියක් දෙදෙනාගේ අත්සන් සහිතව (දෙමව්පියන්ගේ ගමන් බලපත්රවල පරිදිම අත්සන් තිබිය යුතුය.)
    නිදර්ශන ලිපිය | සම්පූර්ණ කරනලද ආදර්ශ ලිපිය
  8. ඉහත ඉදිරිපත් කළ යුතු සියළුම ඡායා පිටපත් A4 ප්රමාණයේ විය යුතුය.
  9. ඔබගේ ජපානයේ ලිපිනය ලියූ ලියුම් කවර 2ක්
  10. ගමන් බලපත්ර සඳහා ගාස්තු
    • වසර 10 ක් වලංගු වන විදේශ ගමන් බලපත්‍රයක් සඳහා ජපන් යෙන් 18,000
    • වසර 03ක් පමණක් වලංගු වන නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා යෙන් 14,800

අයදුම්පත්‍ර තැපැල් මගින් ද මෙම කාර්යාලය වෙත යොමු කළ හැකිය. අඩුපාඩු සහිත අයදුම්පත්ර කිසිවක් මෙම කාර්යාලය විසින් භාරගනු නොලබන අතර ඒවා නැවත ඔබ වෙත යොමුකරනු ලැබේ.

නිවැරැදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර සඳහා විදේශ ගමන් බලපත්ර කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් මෙම තානාපති කාර්යාලය හරහා නිකුත් කිරීමට සති 08ක් (උපත ලියාපදිංචි කර නොමැති නම් සති 12ක්) පමණ ගතවේ.