දරුවෙකුගේ උපත ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් කළ හැක්කේ දරුවාගේ ශ්‍රී ලාංකික මව/පියා පමණි. ඒ සඳහා පහත සඳහන් ලියකියවිලි ඉදිරිපත් කළ යුතුවේ.
- අයදුම්පත්‍රය
- සම්පූර්ණ කරන ලද පුරවැසි පනතේ අංක 1 අයදුම්පත්‍රය සහ එහි ඡායා පිටපත් 1ක් (ඉංග්රීසියෙන් පුරවන්න).
- දරුවා උපත ලද ආරෝග්යශාලාවෙන් නිකුත්කරන ලද ජපාන උප්පැන්න සහතිකයේ (නාගරික කාර්යාලයෙන් සහතික කරන ලද) මුල් පිටපත සහ එහි ඡායා පිටපත් 2ක්
- ඉහත ජපන් උප්පැන්න සහතිකයේ බලයලත් භාෂා පරිවර්තයෙකු විසින් කරන ලද ඉංග්රීසි පරිවර්තනය සහ එහි ඡායා පිටපත් 2ක්.
- දෙමව්පියන්ගේ ගමන් බලපත්‍ර දෙක හා ඒවායේ දත්ත පිටු දෙකෙහි ඡායා පිටපත් 2 බැගින්
- එම ගමන් බලපත්‍ර දෙකෙහි “වෙනස් කිරීම් හා නිරීක්ෂණ පිටුවල” ඡායා පිටපත් 2 බැගින්
- මව්පියන්ගේ රැඳී සිටීමේ අවසර පත්රයෙහි (Resident Cared) පිටපත් 2 බැගින්
- දෙමව්පියන්ගේ විවාහ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපත් 2ක් (සහතික කරන ලද ඉංග්රීසි පරිවර්තන පිළිගනු නොලැබේ.).
- විවාහ සහතිකය විදේශ භාෂාවකින් නිකුත් කර ඇත්නම් එම සහතිකයේ බලයලත් පරිවර්තකයෙකු විසින් සිදු කළ ඉංග්රීසි පරිවර්තනයක් ද ඉදිරිපත් කළ යුතුය. (ජපන් හැර වෙනත් භාෂාවකින් නිකුත් කරන ලද විවාහ සහතික අදාළ තානාපති කාර්යාලයෙන් සහතික කර ඉදිරිපත් කළ යුතුය.)
- දෙමව්පියන්ගේ උප්පැන්න සහතිකවල මුල් පිටපත හා එහි ඡායා පිටපත් 2ක් (සහතික කරන ලද ඉංග්රීසි පරිවර්තන පිළිගනු නොලැබේ.)
- දෙමව්පියන් දෙදෙනාගෙන් අයෙකු ජපන් ජාතිකයෙකු නම් ඔහුගේ/ඇයගේ උප්පැන්න සහතිකය වෙනුවට අදාළ නාගරික කාර්යාලය විසින් නිකුත් කරන ලද පවුල් ලියාපදිංචි කිරිමේ ලේඛනයේ (Family Register) මුල් පිටපත හා ඡායා පිටපත් 2ක් ( වෙනත් විදේශීය ජාතිකයෙකු නම් උප්පැන්න සහතිකය අදාළ තානාපති කාර්යාලයෙන් සහතික කර ඉදිරිපත් කළ යුතුය.) හා ඉහත ලේඛනයේ බලයලත් පරිවර්තකයෙකු විසින් කළ ඉංග්රීසි පරිවර්තනය හා එහි ඡායා පිටපත් 2ක්.
- රැදී සිටීමේ අවසර පත්රයෙහි (Resident Card) ඡායා පිටපත් 2ක්
- ඉහත ඉදිරිපත් කළ යුතු සියළුම ඡායා පිටපත් A4 ප්රමාණයේ විය යුතුය.
- ඔබගේ ජපානයේ ලිපිනය ලියූ ලියුම් කවර 3ක් (A4 ප්රමාණය)
- උපත ලියාපදිංචි කිරිමේ ගාස්තු;
- උපත ලියාපදිංචි කිරීමේ ගාස්තුව ජපන් යෙන් 5,000
- පුරවැසි ලියාපදිංචි කිරිමේ ගාස්තුව ජපන් යෙන් 4,000
- තැපැල් ගාස්තුව ජපන් යෙන් 1,600
(මුළු මුදල ජපන් යෙන් 10,600කි)
- මීට අමතරව උපත සිදු වි වසරකට වඩා ගත වු උපතක් ලියාපදිංචි කිරීමේදී දඩුවම් ගාස්තු වශයෙන් එක් වසරකට ජපන් යෙන් 1,500 බැගින් අමතර ගාස්තුවක් අයකරනු ලැබේ. එවැනි අවස්ථාවක උප්පැන්න සහතිකය නිකුත් කරනු ලබන්නේ රෙජිස්ට්රාර් ජනරාල්තුමාගේ අනුමැතිය ලැබුණු පසුව හෙයින් එවිට උප්පැන්න සහතිකය නිකුත් කිරිමට සති 08ක් පමණ ගතවේ.
- ලියකියවිලි භාරගැනීම උදෑසන 09.15 සිට සවස 1.00 දක්වා සවස 2.00 සිට සවස 3.00 දක්වාා.
අයදුම්පත්‍ර තැපැල් මගින් ද මෙම කාර්යාලය වෙත යොමු කළ හැකිය. අඩුපාඩු සහිත අයදුම්පත්‍ර කිසිවක් මෙම කාර්යාලය විසින් භාරගනු නොලබන අතර ඒවා නැවත ඔබ වෙත යොමුකරනු ලැබේ.
- නිවැරැදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර සඳහා මෙම කාර්යාලය විසින් උප්පැන්න සහතික නිකුත් කර තැපැල් මගින් යොමු කිරීමට සති 04ක් පමණ ගත වේ. දරුවාගේ උප්පැන්න සහතිකය සහ ගමන් බලපත්‍රය එකවර අයදුම්කර ඇති අවස්ථාවකදී ගමන් බලපත්‍රය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ලැබුණු පසු තැපැල් මගින් එවනු ලබන අතර ඒ සදහා සති 08ක කාලයක් ගතවේ. පුරවැසි ලියාපදිංචි කිරිමේ සහතිකය කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන අතර ඒ සදහා මාස 06ක පමණ කාලයක් ගතවේ. .
පුරවැසි පනතේ අංක 1 ආදර්ශ අයදුම්පත්‍රය