ශ්‍රී ලාංකික නීතිය යටතේ විවාහයක් ලියාපදිංචි කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

ශ්‍රී ලාංකික අයදුම්කරුවන් දෙදෙනෙකු විවාහ වීම

ශ්‍රී ලාංකික අයදුම්කරුවන් දෙදෙනෙකු විවාහ වීමට ඉදිරිපත් කලයුතු ලියකියවිලි

  • වලංගු ගුවන් ගමන් බලපත්ර
  • අයදුම්කරුවන්ගේ උප්පැන්න සහතික වල මුල් පිටපත් හෝ සහතික කරන ලද පිටපත්
    (ඉංග්රීසි පරිවර්තන බාරගනු නොලැබේ)
  • අයදුම්කරුවන් දෙදෙනාගේ අවිවාහක බව සහතික කර අදාල ග්‍රාම සේවක විසින් ලබාදෙන අවිවාහක සහතිකය (අයදුම්කරුවන් දෙදෙනා වෙන වෙනම ග්‍රාම සේවකගෙන් ලබාගත් සහතික ඉදිරිපත් කල යුතුය) හෝ
  • අයදුම්කරුවන්ගේ මව හෝ පියා විසින් තම දරුවාගේ අවිවාහක බව සහතික කර දෙන දිවුරුම් ප්‍රකාශය (Affidavit). දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ නම් සමාදාන විනිශ්චයකාරවරයෙකු හෝ නීතීඥවරයෙකු ඉදිරියේ කළ යුතුය. (අයදුම්කරුවන් දෙදෙනා වෙන වෙනම දිවුුරුම් ප්‍රකාශ ඉදිරිපත් කල යුතුය) නීතීඥවරයෙකු ඉදිරියේ සිදු කරනු ලැබූ දිවුරුම් ප්රකාශයක් ශ්රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්රාර්වරයා වෙතින් ද, සාමාදාන විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ සිදු කරනු ලැබු දිවුරුම් ප්රකාශයක් අධිකරණ අමාත්යංශයෙන්ද සහතික කර ගත යුතුය.
  • ඉහත සඳහන් අවිවාහක සහතික/ දිවුරුම් ප්‍රකාශ විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශයෙන් සහතික කරවාගෙන තානාපති කාර්යාලයට ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ
  • අයදුම්කරුගේ මව හා පියා යන දෙදෙනාම මියගොස් ඇත්නම්, දිවුරුම් ප්රකාශය කළ යුත්තේ ඔහුගේ/ඇයගේ සහෝදරයෙකු හෝ සහෝදරියක විසිනි. එවිට ප්රකාශය කරන සහෝදරයාගේ හෝ සහෝදරියගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත හෝ සහතික කරන ලද පිටපත .
  • අයදුම්කරුගේ මව හෝ පියා මියගොස් ඇත්නම්, ඒ මරණ සහතිකයන් හි මුල් පිටපත් හෝ සහතික කරන ලද පිටපත්.
  • අයදුම්කරු දික්කසාද හෝ වැන්දඹු අයෙකු වු කළ ඔහු/ඇය එතැන් පටන් මේ දක්වා නැවත විවාහයකට එළඹ නොමැති බවත්, නැවත විවාහයක් කර ගැනීමට නීතිමය බාධාවක් නොමැති බවත් පැහැදිලිව දිවුරුම් ප්රකාශයේ සඳහන් කළ යුතුය.
  • වැන්දඹු තැනැත්තෙකු සම්බන්ධයෙන් වු කල ස්වාමිපුරුෂයා/භාර්යාව මිය ගොස් ඇති බව දිවුරුම් ප්රකාශයට ඇතුළත් කර එය සනාථ කිරිම සඳහා මරණ සහතිකයේ මුල් පිටපත හෝ සහතික කරන ලද පිටපත ඉදිරිපත් කළ යුතුය.
  • දික්කසාද වු අයෙකු නම්, ඒ බව සඳහන් කරමින් අදාල නඩුවේ අංකය, දිනය හා දිසා අධිකරණයේ නම සඳහන් කර නෛයිසයි හා නියත යන දික්කසාද තීන්දු ප්රකාශයන් හි මුල්පිටපත ශ්රී ලංකාවේ විදේශ කටයුතු අමාත්යංශයේ කොන්සියුලර් අංශයෙන් සහතික කර ඉදිරිපත් කළ යුතුය.

ඉහත සඳහන් උප්පැන්න සහතික/මරණ සහතික වල සහතික කරන ලද පිටපත් ඉදිරිපත් කරන්නේ නම් ඒවා සැම විටම ශ්රී ලංකාවේ විදේශ කටයුතු අමාත්යංශයේ කොන්සියුලර් අංශයෙන් සහතික කර තීබීම අත්යාවශ්ය වේ.

ඉහත සඳහන් සියළුම ලියකියවිලි ඡායා පිටපතක් ද සහිතව ඉදිරිපත් කරන්න.

ජපන් ජාතිකයෙකු සමඟ විවාහ වීම

ජපන් ජාතිකයෙකු සමඟ විවාහ වීමට ඉදිරිපත් කලයුතු ලියකියවිලි

ශ්‍රී ලාංකික අයදුම්කරු විසින් ඉදිරිපත් කලයුතු ලියකියවිලි:

  • වලංගු ගුවන් ගමන් බලපත්‍රය
  • අයදුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත හෝ සහතික කරන ලද පිටපත
    (ඉංග්රීසි පරිවර්තන බාරගනු නොලැබේ)
  • අයදුම්කරුගේ අවිවාහක බව සහතික කර අදාල ග්‍රාම සේවක විසින් ලබාදෙන අවිවාහක සහතිකය හෝ
  • අයදුම්කරුගේ මව හෝ පියා විසින් තම දරුවාගේ අවිවාහක බව සහතික කර දෙන දිවුරුම් ප්‍රකාශය (Affidavit). දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ නම් සමාදාන විනිශ්චයකාරවරයෙකු හෝ නීතීඥවරයෙකු ඉදිරියේ කළ යුතුය. නීතීඥවරයෙකු ඉදිරියේ සිදු කරනු ලැබූ දිවුරුම් ප්‍රකාශය ශ්රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්රාර්වරයා වෙතින් ද, සාමාදාන විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ සිදු කරනු ලැබු දිවුරුම් ප්රකාශයක් අධිකරණ අමාත්යංශයෙන්ද සහතික කර ගත යුතුය.
  • ඉහත සඳහන් අවිවාහක සහතිකය/ දිවුරුම් ප්‍රකාශය විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශයෙන් සහතික කරවාගෙන තානාපති කාර්යාලයට ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

ජපන් ජාතික අයදුම්කරු විසින් ඉදිරිපත් කලයුතු ලියකියවිලි:

  • ජපන් ජාතික පාර්ශවය විසින්, මාස හයක් ඇතුලත තම රටේ ආරක්ෂක අංශ බලධාරීන් වෙතින් ලබාගත්, වරදකට වරදකරුවෙකු නොවන බවට වන සහතිකයේ මුල් පිටපත. (Hanzai keireki shōmei-sho - はんざい経緯歴証明書 - Crime History Certificate)
  • සෞඛ්‍ය තත්ත්වය පිලිබඳ ස්වයං ප්‍රකාශය - Health Declaration Form.
    (ආදර්ශ සෞඛ්‍ය ප්‍රකාශය)
  • වලංගු ගුවන් ගමන් බලපත්‍රය (ඇත්නම් පමණක් ) සහ එහි පිටපත
  • අයදුම්කරුට අදාල නාගරික කාර්යාලය විසින් නිකුත් කරන ලද පවුල් ලියාපදිංචි කිරීමේ ලේඛනය (Family Register) Koseki Tohon 戸籍謄本.
  • අයදුම්කරුට අදාල නාගරික කාර්යාලය විසින් නිකුත් කරන ලද අවිවාහක සහතිකය (Unmarried Certificate) Dokushin Shomeisho 独身証明書
  • දික්කසාද/ වැන්දඹු අයදුම්කරුවෙක් නම් ඒ බව සනාථ කෙරෙන අදාල නාගරික කාර්යාලය විසින් නිකුත් කරන ලද නෛතික ලියකියවිලි.

මෙම සහතික විදේශ භාෂාවකින් නිකුත් කර ඇත්නම් බලයලත් භාෂා පරිවර්තකයෙකු විසින් සිදු කළ ඉංග්රීසි පරිවර්තනද ලබා දිය යුතුය.
ඉහත සඳහන් සියළුම ලියකියවිලි ඡායා පිටපතක් ද සහිතව ඉදිරිපත් කරන්න.
ඉහත ලියකියවිලි රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලය වෙත ඉදිරිපත් කර අදාල අවසර පත්‍රය ලද පසු පමණක් ඔබගේ විවාහය ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් බාර ගනු ලබන බව කාරුණිකව සලකන්න.

ජපන් ජාතික නොවන වෙනත් විදේශිකයෙකු සමඟ විවාහ වීම

ජපන් ජාතික නොවන වෙනත් විදේශිකයෙකු සමඟ විවාහ වීමට ඉදිරිපත් කලයුතු ලියකියවිලි

ශ්‍රී ලාංකික අයදුම්කරු විසින් ඉදිරිපත් කලයුතු ලියකියවිලි:

  • වලංගු ගුවන් ගමන් බලපත්‍රය
  • අයදුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත හෝ සහතික කරන ලද පිටපත
    (ඉංග්රීසි පරිවර්තන බාරගනු නොලැබේ)
  • අයදුම්කරුගේ අවිවාහක බව සහතික කර අදාල ග්‍රාම සේවක විසින් ලබාදෙන අවිවාහක සහතිකය හෝ
  • අයදුම්කරුගේ මව හෝ පියා විසින් තම දරුවාගේ අවිවාහක බව සහතික කර දෙන දිවුරුම් ප්‍රකාශය (Affidavit). දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ නම් සමාදාන විනිශ්චයකාරවරයෙකු හෝ නීතීඥවරයෙකු ඉදිරියේ කළ යුතුය. නීතීඥවරයෙකු ඉදිරියේ සිදු කරනු ලැබූ දිවුරුම් ප්‍රකාශය ශ්රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්රාර්වරයා වෙතින් ද, සාමාදාන විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ සිදු කරනු ලැබු දිවුරුම් ප්රකාශයක් අධිකරණ අමාත්යංශයෙන්ද සහතික කර ගත යුතුය.
  • ඉහත සඳහන් අවිවාහක සහතිකය/ දිවුරුම් ප්‍රකාශය විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශයෙන් සහතික කරවාගෙන තානාපති කාර්යාලයට ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
  • අයදුම්කරුගේ මව හා පියා යන දෙදෙනාම මියගොස් ඇත්නම්, දිවුරුම් ප්රකාශය කළ යුත්තේ ඔහුගේ/ඇයගේ සහෝදරයෙකු හෝ සහෝදරියක විසිනි. එවිට ප්රකාශය කරන සහෝදරයාගේ හෝ සහෝදරියගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත හෝ සහතික කරන ලද පිටපත .
  • අයදුම්කරුගේ මව හෝ පියා මියගොස් ඇත්නම්, ඒ මරණ සහතිකයන් හි මුල් පිටපත් හෝ සහතික කරන ලද පිටපත්.
  • අයදුම්කරු දික්කසාද හෝ වැන්දඹු අයෙකු වු කළ ඔහු/ඇය එතැන් පටන් මේ දක්වා නැවත විවාහයකට එළඹ නොමැති බවත්, නැවත විවාහයක් කර ගැනීමට නීතිමය බාධාවක් නොමැති බවත් පැහැදිලිව දිවුරුම් ප්රකාශයේ සඳහන් කළ යුතුය.
  • වැන්දඹු තැනැත්තෙකු සම්බන්ධයෙන් වු කල ස්වාමිපුරුෂයා/භාර්යාව මිය ගොස් ඇති බව දිවුරුම් ප්රකාශයට ඇතුළත් කර එය සනාථ කිරිම සඳහා මරණ සහතිකයේ මුල් පිටපත හෝ සහතික කරන ලද පිටපත ඉදිරිපත් කළ යුතුය.
  • දික්කසාද වු අයෙකු නම්, ඒ බව සඳහන් කරමින් අදාල නඩුවේ අංකය, දිනය හා දිසා අධිකරණයේ නම සඳහන් කර නෛයිසයි හා නියත යන දික්කසාද තීන්දු ප්රකාශයන් හි මුල්පිටපත ශ්රී ලංකාවේ විදේශ කටයුතු අමාත්යංශයේ කොන්සියුලර් අංශයෙන් සහතික කර ඉදිරිපත් කළ යුතුය.

ඉහත සඳහන් උප්පැන්න සහතික/මරණ සහතික වල සහතික කරන ලද පිටපත් ඉදිරිපත් කරන්නේ නම් ඒවා සැම විටම ශ්රී ලංකාවේ විදේශ කටයුතු අමාත්යංශයේ කොන්සියුලර් අංශයෙන් සහතික කර තීබීම අත්යාවශ්ය වේ.

විදේශ ජාතික අයදුම්කරු විසින් ඉදිරිපත් කලයුතු ලියකියවිලි:

  • ගුවන් ගමන් බලපත්රය
  • අදාළ තානාපති කාර්යාලය විසින් නිකුත් කරනු ලැබු අවිවාහක සහතිකය
  • අදාළ තානාපති කාර්යාලය විසින් සහතික කරන ලද උප්පැන්න සහතිකය
  • මාස හයක් ඇතුලත තම රටේ (තමන් පදිංචිව සිටින රටේ) ආරක්ෂක අංශ බලධාරීන් වෙතින් ලබාගත්, වරදකට වරදකරුවෙකු නොවන බවට වන සහතිකයේ මුල් පිටපත. (Hanzai keireki shōmei-sho - はんざい経緯歴証明書 - Crime History Certificate)
  • සෞඛ්‍ය තත්ත්වය පිලිබඳ ස්වයං ප්‍රකාශය - Health Declaration Form.
    (ආදර්ශ සෞඛ්‍ය ප්‍රකාශය)

ඉහත සහතික වෙනත් විදේශ භාෂාවකින් නිකුත් කර ඇත්නම් බලයලත් භාෂා පරිවර්තකයෙකු විසින් සිදුකරන ලද ඉංග්රීසි පරිවර්තන ද එම සහතික සමඟ ඉදිරිපත් කළ යුතුය.
ඉහත සඳහන් සියළුම ලියකියවිලි ඡායා පිටපතක් ද සහිතව ඉදිරිපත් කරන්න.
ඉහත ලියකියවිලි රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලය වෙත ඉදිරිපත් කර අදාල අවසර පත්‍රය ලද පසු පමණක් ඔබගේ විවාහය ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් බාර ගනු ලබන බව කාරුණිකව සලකන්න.

තානාපති කාර්යාලයේ විවාහය ලියිපදිංචි කිරිමේ ක්‍රියා පටිපාටිය

අයදුම්කරුවන් දෙදෙනාම ශ්‍රී ලාංකික නම්,

  • ඉහත ලියකියවිලි සමග දෙදෙනාම මෙම කාර්යාලයට පැමිණ විවාහ දැන්වීම් අයදුම්පත්රය සම්පූර්ණ කර බාර දිය යුතුය. විවාහයක් පිළිබඳ දැන්වීමේ ගාස්තුව ජපන් යෙන් - 4,000.
  • විවාහ දැන්වීම බාරදීමෙන් පසු (නම් ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව) තානාපති කාර්යාලය මගින් අවම සති 02ක් ඇතුලත ශ්‍රී ලංකාවේ විවාහ නීතිය ප්‍රකාරව විවාහය ලියාපදිංචිය සඳහා දිනයක් ලබාදෙනු ලැබේ.
  • විවාහ ලියාපදිංචි දිනයේදී ශ්රී ලාංකික සාක්ෂිකරුවන් දෙදෙනෙක් සමග පැමිණය යුතු අතර විවාහ ලියාපදිංචි දිනට පෙර එම සාක්ෂිකරුවන් දෙදෙනාගේ ගමන් බලපත්රය අනුව නම, ගමන් බලපත්‍ර අංකය, ජපානයේ පදිංචි ලිපිනය ඉංග්රිසි භාෂාවෙන් consular.lankaembassy@mfa.gov.lk යන විද්යුත් තැපෑල වෙත එවිය යුතුය.
  • විවාහ ලියාපදිංචි දිනයේදී සාක්ෂිකරුවන් ඔවුන්ගේ ගමන් බලපත්ර, Resident Card සමඟ ඒවායේ පිටපත් රැගෙන ආ යුතුය.
  • විවාහය ලියාපදිංචි කිරීමේ ගාස්තුව ජපන් යෙන් 6,250.

අයදුම්කරුවන් දෙදෙනාගේ එක් අයෙකු ශ්‍රී ලාංකික නම්,

  • ඉහත ලියකියවිලි සමග ශ්රී ලාංකික අයදුම්කරු මෙම කාර්යාලයට පැමිණ විවාහ දැන්වීම් අයදුම් පත්රය නිවැරදිව සම්පූර්ණකර භාර දිය යුතුය. විවාහයක් පිළිබඳ දැන්වීමේ ගාස්තුව ජපන් යෙන් - 4,000.
  • විවාහ දැන්වීම බාරදීමෙන් පසු (නම් ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව) තානාපති කාර්යාලය මගින් අවම සති 02ක් ඇතුලත ශ්‍රී ලංකාවේ විවාහ නීතිය ප්‍රකාරව විවාහය ලියාපදිංචිය සඳහා දිනයක් ලබාදෙනු ලැබේ.
  • ශ්රී ලාංකික අයදුම්කරු වෙනුවෙන් ශ්රී ලාංකික සාක්ෂිකරුවෙක් ද, විදේශීය අයදුම්කරු වෙනුවෙන් එම ජාතිකයෙක් හෝ ශ්රී ලාංකිකයේ ද සමග විවාහය ලියාපදිංචිකරන දිනයේදී පැමිණිය යුතු අතර විවාහ ලියාපදිංචි දිනට පෙර සාක්ෂිකරුවන් දෙදෙනාගේ විදේශ ගමන් බලපත්රය අනුව නම, ගමන් බලපත්‍ර අංකය, ජපානයේ පදිංචි ලිපිනය ඉංග්රිසි භාෂාවෙන් consular.lankaembassy@mfa.gov.lk යන විද්යුත් තැපෑල වෙත එවිය යුතුය.
  • ිවාහ ලියාපදිංචි දිනයේදී සාක්ෂිකරුවන් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්ර, Resident Card සමඟ ඒවායේ පිටපත් රැගෙන ආ යුතුය.