ජපාන නීතිය යටතේ විවාහයක් ලියාපදිංචි කිරීම, අවිවාහක සහතිකයක් ලබාගැනීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

ශ්‍රී ලාංකිකයෙකු ජපාන නීතිය යටතේ විවාහවීමේදී තම අවිවාහක බව සනාථ කෙරෙන අවිවාහක සහතිකයක් නාගරික කාර්යාලයට ඉදිරිපත් කළ යුතුවේ. එම අවිවාහක සහතිකය නිකුත් කිරීම සඳහා, අයදුම්කරු විසින් තමාගේ හා තම සහකරු/සහකාරියගේ පහත සඳහන් ලියකියවිලි මෙම තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය.

ආදර්ශ අයදුම් පත්‍රය

ශ්‍රී ලාංකික අයදුම්කරුගේ ලියකියවිලි

  1. වලංගු ගුවන් ගමන් බලපත්‍රය.
  2. අයදුම්කරුගේ උප්පැන්න සහතික වල මුල් පිටපත් හෝ සහතික කරන ලද පිටපත් (ඉංග්‍රීසි පරිවර්තන බාරගනු නොලැබේ).
  3. අයදුම්කරුගේ මව හෝ පියා විසින් තම දරුවාගේ අවිවාහක බව සහතික කර දිවුරුම් ප්‍රකාශයක් (Affidavit) එම ප්‍රකාශය සමාදාන විනිශ්චයකාරවරයෙකු හෝ නීතීඥවරයෙකු ඉදිරියේ කළ යුතුය.
  4. නීතීඥවරයෙකු ඉදිරියේ සිදු කරනු ලැබූ දිවුරුම් ප්‍රකාශයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙතින් ද, සාමාදාන විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ සිදු කරනු ලැබු දිවුරුම් ප්‍රකාශයක් අධිකරණ අමාත්‍යංශයෙන්ද සහතික කර ගැනීමෙන් අනතුරුව එම ලියවිලි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයෙන් සහතික කරවා ගැනීම අනිවාර්ය වේ.
  5. අයදුම්කරුගේ මව හා පියා යන දෙදෙනාම මියගොස් ඇත්නම්, දිවුරුම් ප්‍රකාශය කළ යුත්තේ ඔහුගේ/ඇයගේ සහෝදරයෙකු හෝ සහෝදරියක විසිනි. එවිට ප්‍රකාශය කරන සහෝදරයාගේ හෝ සහෝදරියගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත හෝ සහතික කරන ලද පිටපත ඉදිරිපත් කළ යුතුවේ.
  6. අයදුම්කරුගේ මව හෝ පියා මියගොස් ඇත්නම්, ඒ මරණ සහතිකයන් හි මුල් පිටපත් හෝ සහතික කරන ලද පිටපත්.
  7. අයදුම්කරු දික්කසාද හෝ වැන්දඹු අයෙකු වු කළ ඔහු/ඇය එතැන් පටන් මේ දක්වා නැවත විවාහයකට එළඹ නොමැති බවත්, නැවත විවාහයක් කර ගැනීමට නීතිමය බාධාවක් නොමැති බවත් පැහැදිලිව දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කළ යුතුය.
  8. වැන්දඹු තැනැත්තෙකු සම්බන්ධයෙන් වු කල ස්වාමිපුරුෂයා/භාර්යාව මිය ගොස් ඇති බව දිවුරුම් ප්‍රකාශයට ඇතුළත් කර එය සනාථ කිරිම සඳහා මරණ සහතිකයේ මුල් පිටපත හෝ සහතික කරන ලද පිටපත ඉදිරිපත් කළ යුතුය.
  9. දික්කසාද වු අයෙකු නම්, ඒ බව සඳහන් කරමින් අදාල නඩුවේ අංකය, දිනය හා දිසා අධිකරණයේ නම සඳහන් කර නෛයිසයි හා නියතයන දික්කසාද තීන්දු ප්‍රකාශයන් හි මුල්පිටපත ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයෙන් සහතික කර ඉදිරිපත් කළ යුතුය.
  10. ඉහත සඳහන් උප්පැන්න සහතික/මරණ සහතික වල සහතික කරන ලද සහතික කරන ලද පිටපත් ඉදිරිපත් කරන්නේ නම් ඒවා සැම විටම ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයෙන් සහතික කර තීබීම අත්‍යාවශ්‍ය වේ.

විදේශීය සහකරු/සහකාරියගේ ලියකියවිලි

  1. සහකරු/සහකාරිය ජපන් ජාතිකයෙකු නම් ඔහුට/ඇයට අදාල නාගරික කාර්යාලය විසින් නිකුත් කරන ලද පවුල් ලියාපදිංචි කිරීමේ ලේඛනය ඔහුට/ඇයට අදාල නාගරික කාර්යාලය විසින් නිකුත් කරන ලද පවුල් ලියාපදිංචි කිරීමේ ලේඛනය (Family Register) Koseki Tohon戸籍謄本 සහ අවිවාහක සහතිකය (Unmarried Certificate) Dokushin Shomensho独身証明書 එම සහතික දෙකෙහි බලයලත් භාෂා පරිවර්තකයෙකු විසින් සිදු කළ ඉංග්‍රීසි පරිවර්තනද ලබා දිය යුතුය.
  2. විවාහ ගිවිස ගන්නේ ජපන් ජාතික නොවන වෙනත් විදේශිකයෙකු සමග නම් , ඔහුගේ/ ඇයගේ
    • ගුවන් ගමන් බලපත්‍රය .
    • අදාළ තානාපති කාර්යාලය විසින් නිකුත් කරනු ලැබු අවිවාහක සහතිකය
    • තානාපති කාර්යාලය විසින් සහතික කරන ලද උප්පැන්න සහතිකය
    ඉහත සහතික දෙකෙහි බලයලත් භාෂා පරිවර්තකයෙකු විසින් සිදුකරන ලද ඉංග්‍රීසි පරිවර්තනය ද ඉදිරිපත් කළ යුතුය. (මුල් සහතික වෙනත් විදේශ භාෂාවකින් නිකුත් කර ඇත්නම්)
  3. අවිවාහක සහතිකය ලබා ගැනීමට ගාස්තුව ජපන් යෙන් 9,000.
  4. ඉහත සඳහන් සියළුම ලියකියවිලි ඡායා පිටපතක් ද සහිතව ඉදිරිපත් කරන්න.
  5. අවිවාහක සහතිකය ලබා ගැනීමට ඉල්ලුම්කරු මෙම තානාපති කාර්යාලය වෙත පැමිණිම අනිවාර්ය වේ.
  6. ඔබ විසින් ඉදිරිපත් කරනු ලැබූ ලියකියවිලි නිවැරදිතාවය සනාථ කර ගැනිම සදහා එම ලියවිලි නැවත ඒවා සහතික කල ආයතනය වෙත යොමු කරන අතර එහි වලංගුභාවය තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් අවිවාහක බව සනාථ කරමින් වූ ප්‍රකාශය මෙම තානාපති කාර්යාලයෙන් නිකුත් කරනු ලැබේ.